Menu
Contact us
×
Monday, April 21st, 2025
අනුර නඩුව දිනයි ද?

පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් සහ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි යන දෙදෙනා ජන රැළියකදී සිදු කළ ප්‍රකාශයකින් තමන්ට සිදුවූ අපහාසයට රුපියල් කෝටි 2,000ක් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා අනුර කුමාර දිසානායක විසින් ගොනුකර ඇති නඩුව දෙසැම්බර් 20 වැනිදා කැඳවන ලෙස කොළඹ දිසා අධිකරණය ඊයේ (09) නියෝග කළේය.

2023/08/19 වැනිදා මැද කොළඹ ආසනයේදී සංවිධානය කර තිබුණු මහජන රැලියකදී සිදුකළ ප්‍රකාශයකින් මෙම අපහාසය සිදුව ඇති බවත් එයින් සිදුවූ හානියට එකී විත්තිකරුවන්ගෙන් රුපියල් කෝටි 1000 බැගින් අයකර දෙන ලෙසත් ඉල්ලා මෙම නඩුව පවරා ඇත.

සාගර කාරියවසම් සහ ජානක තිස්සකුට්ටිආරච්චිට අමතරව එම ප්‍රකාශය විකාශනය කළ රූපවාහිනී නාලිකාවක් ද මෙම නඩුවේ වගඋත්තරකරුවකු ලෙස නම් කර ඇත.

පැමිණිල්ලේ කරුණු සලකා බැලූ අධිකරණය නියෝග කර ඇත්තේ විත්තියේ පිළිතුරු දෙසැම්බර් 20 වැනිදා ඉදිරිපත් කරන ලෙසයි.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos