Menu
Contact us
×
Thursday, September 19th, 2024
TNA සහාය නාම යෝජනා වලින් පසුව

ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය (TNA) සහය ලබා දීම ජනාධිපති අපේක්ෂකවරු නාමයෝජනා භාර දීමෙන් පසු තීරණය කරන බව දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් පවසයි.

අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ දෙස ද අවධානය යොමුකළ යුතු වන අතර උතුරු නැගෙනහිර දේශපාලන ප්‍රශ්නයට මෙන්ම රටේ සියලු දෙනාගේම අනාගතයට හොඳම විසඳුම් දෙන අපේක්ෂකයාට TNA සහය හිමිවනු ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

දෙමළ පොදු අපේක්ෂකක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම අනුමත නොකරන අතර ඒ ගැන පක්ෂයේ තීරණයක් ගෙන නොමැති බවත් එළඹෙන ඉරිදා දින වව්නියාවේදී පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් වී ඒ ගැන තීරණයක් ගන්නා බවයි මන්ත්‍රීවරයා සඳහන් කරයි.

දෙමළ ජනතාවට දෙමළ පොදු අපේක්ෂකයෙකුගේ අවශ්‍යතාවක් නොමැති බවත්, දැනට ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයින්ගෙන් කෙනෙක් ජනාධිපති ලෙස තේරී පත්වීම ස්ථිර බවත්, දෙමළ පොදු අපේක්ෂකයා යන කාරණය දෙමළ ජනතාවගේ මෙන්ම රටේ අනාගතයත් විනාශ කරන දෙයක් බවත් රාසමානික්කම් මහතා ප්‍රකාශ කරයි.





MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos