Menu
Contact us
×
Thursday, September 19th, 2024
ශීක් හසීනා නැවතත් බංගලාදේශ මහා මැතිවරණයට තරඟ කරන බව පවසයි
බංග්ලාදේශයේ භාරකාර රජය විසින් මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ශෙයික් හසීනා යළි එරටට පැමිණෙන බව ඇගේ පුත‍්‍රයා විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.

මැතිවරණයෙන් තම පක්‍ෂයට විශිෂ්ට ජයක් ලැබෙනු ඇතැයි ද ඔහු පැවසුවේය.

ඇගේ පුත් සජීබ් වසීඩ් චෝදනා කරන්නේ බංග්ලාදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවීම පිටුපස පාකිස්තාන අයි.එස්. බුද්ධි අංශය සිටින බවයි.

ඒ සම්බන්ධයෙන් සාක්ෂි පවතින බව ද සඳහන් ඔහු සදහන් කර තිබේ.

හිටපු අගමැතිනිය මේ වන විට ඉන්දියාවේ නවදිල්ලියේ ගුවන් හමුදා කඳවුරක රැඳී සිටී.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos