Menu
Contact us
×
Thursday, September 19th, 2024
දේශබන්දු නොමැති නම් ජනාධිපතිවරණය කොට උඩ ද?
හිටපු පොලිස්පතිවරයාම සේවයේ පිහිටුවා ගැනීම සඳහා රනිල් උත්සාහ දරමින් සිටින බව පෙනෙන්නට තිබේ. ඔහුගේ ප්‍රකාශය පහතින්:

“ඡන්දෙ ගැන මගෙන් මිනිස්සු අහනවා මේ අර්බුදය නිසා මොකක්ද වෙන්නෙ කියලා. ගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් දාලා තිබුණා පොලිස්පති පත්කරපු ක්‍රමවේදය වැරදියි කියලා. ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා පොලිස්පතිතුමාගේ තනතුරින් අයින් කරලා වැඩ තහනම් කරන්න කියලා. කථානායකතුමා තීරණයක් දුන්නා ව්‍යවස්ථා සභාව පාර්ලිමේන්තුවට අයත්, ව්‍යවස්ථා සභාවේ අභ්‍යන්තර වැඩ කටයුතු ගැන උසාවියට විභාග කරන්න බෑ, මේ පත්වීම නීත්‍යානුකූලයි කියලා එතුමා කියලා තියෙනවා. ඉතින් මේ විදියට ගියොත් කොහෙන්ද අපි ඉවර වෙන්නෙ ? ඡන්දය දාලා තියෙනවා සැප්තැම්බර් 21 වෙනිදාට. අන්න ඒ අනුව අපි වැඩ කරගෙන යන්නෙ. ඒකට මැතිවරණ කොමිසමට සම්පූර්ණ සහයෝගය දෙන්න ඕනෙ. මං හිතන්නෙ ශ්‍රේෂ්ඨාධිකරණයට යුතුකමක් තිබුණා මැතිවරණ කොමිසමෙන් ඉස්සෙල්ලා මේක අහන්න. මොකද 106 වගන්තිය යටතේ මැතිවරණ කොමිසමට පොලිසියේ කට්ටිය ලබාගන්න පුළුවන් පොලිස්පතිතුමාගෙන්. ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාගෙන් නෙවෙයි. එතකොට පොලිස්පතිතුමෙක් නැත්නම් කොහොමද ඉල්ලන්නෙ ? දැන් වුවමනා පොලිස් සංඛ්‍යාව මේ සුමානෙ ඉල්ලන්න ඕනෙ. ඉතින් මේ සුමානෙ ඒක පොලිස්පතිගෙන් ඉල්ලන්න ඕනෙ. පස්සෙ ගිහින් ඉල්ලුවොත් ඒක කරන්න බැරිවෙනවා. එතකොට ඡන්දය තියන්න බැරිවෙනවා. මම කැමති නෑ සැප්තැම්බර් 21 වෙනිදාට වඩා කාලයකට ඡන්දය අදින්න. මට පේන හැටියට දැන් සමහර සිවිල් සංවිධාන උසාවි යනවාලු. මේවා තව ගිහින් වල් කරගන්න එපා. උසාවි ගිහින් වල් කරගන්න ගිහින්නෙ මේක ඇතිවුණේ ? මම කියන්නෙ මේකට හොඳම එක කතානායකතුමායි අග්‍රවිනිශ්චයකාරතුමායි කතා කරලා මේ ප්‍රශ්නය විසඳන්න. මම කතානායකතුමාට උදේ කතා කළා. එතුමා කිව්වා මම නීතිපතිතුමාට යවලා තියෙනවා ලිපියක් උපදෙස් ගන්න, මම ලෑස්තියි අගවිනිසුරුතුමා එක්ක කතා කරන්න කියලා. ඉතින් මම අග්‍රවිනිශ්චයකාරතුමාටත් කියන්නම් කතා කරන්න කියලා. මේ සතිය තුළදී විසඳන්න ඕනෙ. මොකද තවත් ප්‍රශ්නයක් තියෙනවා. මේ රටේ ව්‍යවස්ථාවෙ 4 වෙනි වගන්තිය යටතේ ජනාධිපතිට තමයි රටේ ආරක්ෂාව භාරදීලා තියෙන්නෙ. දැන් මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය දඬුවම් කළේ ඒ කාලෙ රට ආරක්ෂා කළේ නෑ කියලා. ඉතින් රට ආරක්ෂා කරන්න මට ත්‍රිවිධ හමුදාව වුවමනායි, පොලිසිය වුවමනායි. මම කැමතියි කතානායකතුමාටයි අග්‍රවිනිශ්චයකාරතුමාටයි කතා කරලා අපි බලමු මේක විසඳන්න. කොහොමහරි විසඳනවා. මම එකක් කියනවා, සැප්තැම්බර් 21 වෙනිදා මැතිවරණ කොමිසමට ඡන්දය තියන්න පුළුවන් විදියට මම වැඩකරනවා”
MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos