Menu
Contact us
×
Saturday, November 23rd, 2024
කැෆේ NPPයට කෙළියි; සජිත් ගැන නිහඬයි!
NPPය සම්බන්ධයෙන් CAFE සංවිධානය මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ. එම පැමිණිල්ල ඉදිරිපත් කරනුයේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඊට අදාළ නීතිමය පදනම මත ද එසේ නොමැති නම් එම විශේෂ තත්වය යටතේ නොවේ ද යන්න අපැහැදිලි කරුණකි.

සිද්ධිය මෙසේය: අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මහරගම ජාතික තරුණ සේවා ශ්‍රවණාගාරයේ 28 වැනිදා පැවැති “ජාතික සමස්ත ලංකා හෙද සමුළුව“ සඳහා හෙද හෙදියන් සිය නිල ඇඳුමින් පැමිණ සිටීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවට නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (CAFE) සංවිධානය විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට පැමිණිලි කර ඇත.

මෙලෙස හෙද හෙදියන් නිල ඇඳුමින් පැමිණ සිටීම පොදු දේපළ පක්ෂ දේශපාලනය සඳහා යොදාගත් අවස්ථාවක් බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් පවසන අතර,හෙද සේවා වෘත්තීය නිල ඇඳුම මහජන මුදල් වැයකර එම වෘත්තියට ලබාදෙන වරප්‍රසාදයක් බවත්, එවැනි තත්ත්වයක් තුළ එම නිල ඇඳුම දේශපාලන කාර්යයන් සඳහා යොදා ගැනීම ආයතන සංග්‍රහය අනුව සහ මැතිවරණ නීතිය අනුව වැරදි ක්‍රියාවක් බවත් අදාළ ලිපියේ සඳහන් කර තිබේ.

රටක පුරවැසියන් ලෙස ඕනෑම තැනැත්තකුට සිය වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය හා ඕනෑම දේශපාලන අයිතියක් වෙනුවෙන් පෙනී සිටීමට හැකියාව පැවතිය ද වෘත්තීය නිල ඇඳුමින් සැරසී එම ක්‍රියාමාර්ගවල නිරතවීම රජයේ සේවකයන් ලෙස නීතිවිරෝධී හා සදාචාර විරෝධී බව ද කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා සඳහන් කරයි. හෙද හෙදියන් මෙම සමුළුව සඳහා නිල ඇඳුමින් සහභාගිවීම සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් වාර්තාවක් කැඳවන ලෙස ද විධායක අධ්‍යක්ෂවරයා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇති බව සඳහන් වේ.

මෙම පැමිණිල්ල සම්බන්ධව සොයා බැලීමට කටයුතු කරන බව, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්. රත්නායක මහතා පැවසූවේය.

හෙද නිල ඇඳුම පොදු දේපලක් බැවින් එම පැමිණිල්ල සිදු කරනුයේ පොදු දේපොළ අවභාවිතාව යන පදනම යටතේ නම් මෙතෙක් කල් සුහුරු පන්ති කෑමර, බස් රථ වැනි දෑ බෙදා දෙමින් පාසල් නිල ඇඳුමින් සිසුන් සහභාගී කරගනිමින්, දෙමාපියන් ද සහභාගී කරගනිමින් පාසල් (පාසල් යනු ද පොදු දේපලකි) තුල දේශපාලන රැස්වීම් පැවැත්වීම සජිත් ප්‍රේමදාස විසින් සිදු කරන ලද්දේ කෙසේ ද යන්න  CAFE සංවිධානය පැහැදිලි කල යුතුය.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos