Menu
Contact us
×
Sunday, April 20th, 2025
දිලිත්ගේ අපේක්ෂකයා ගෙවිඳු?

‘සර්ව ජනබලය’ දේශපාලන සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකයා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ලබන මස  (අගොස්තු) 04 වැනිදා පැවැත්වෙන විශේෂ සම්මේලනයේදී ප්‍රකාශ කරන බව එම ක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.


දිලිත් ජයවීරගේ නායකත්වයෙන් යුත් මව්බිම ජනතා පක්‍ෂය, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ, උදය ගම්මන්පිල නායකත්වය දරණ පිවිතුරු හෙළ උරුමය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන ගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ සංසදය, ගෙවිඳු කුමාරතුංග ගේ සභාපතිත්වයෙන් යුත් ‘යුතුකම ජාතික සංවිධානය, ඩිව් ගුණසේකර ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ වාසුදේව නානායක්කාර ඇතුළු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඇතුළු පක්‍ෂ සහ සන්විධාන රැසක් ‘සර්ව ජනබලය’ දේශපාලන සන්ධානයට ඇතුලත් වේ.

බොහෝ දුරට එම සන්ධානයේ ජනාධිපති දූර අපේක්ෂයා ගෙවිඳු කුමාරතුංග වනු ඇති බව පෙනෙන්නට තිබේ. ඊට හේතු වී ඇත්තේ අනීවාර්ය පරාජය හමුවේ දිලිත් ජයවීර ඊට ඉදිරිපත් නොවීමත්, විමල් වීරවංශ උදය, ගම්මන්පිල වැන්නන්ට දූෂණ චෝදනා සහ නඩු කිහිපයක් පැවතීමත්, එහි සිටින අනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එතරම් ජනප්‍රිය අය නොවීමත්ය.

එම සන්ධානය ඉදිරියේදී ක්‍රියාත්මක වනු ඇත්තේ මාලිමාවේ ඡන්ද කැඩීම සඳහාය.




MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos