Menu
Contact us
×
Thursday, September 19th, 2024
සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව සිකුරාදා දීපව්‍යාප්ත වැඩවර්ජනයකට

ඉල්ලීම් අටක් මුල් කරගනිමින් එළඹෙන සිකුරාදා දිනයේදී දීපව්‍යාප්ත එක්දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පවසයි. 

සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව හෙද, පරිපූරක වෛද්‍ය සේවා, අතුරු වෛද්‍ය සේවා ඇතුළු සෞඛ්‍ය වෘත්තීන් 20කට පමණ අයත් වෘත්තීය සමිති 44කින් සමන්විතය. 

කොවිඩ් මර්දනය සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීම, කොවිඩ් වසංගතය අවසන් වනතුරු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට රුපියල් 7500ක මාසික දීමනාව අඛණ්ඩව ලබාදීම, අතිකාල නිවාඩු දින ගෙවීම් සීමාවන් ඉවත් කිරීම, කොවිඩ් විශේෂ නිවාඩු කප්පාදුවකින් තොරව ලබාදීම ඇතුළු ඉල්ලීම් 08ක් මුල් කරගනිමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරෙන බවයි එම එකමුතුවේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේ.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos