සජිත්ට එකතුවන චම්පික දේශපාලන අනාතයෙකු බවට පත්වේ ද?
මෙතුවක් කල් තමා මහා ලිබරල්වාදියෙකු ලෙස පෙන්වමින්, ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති
වර්නනා කරමින්, රනිල්ට ප්රශස්ති ගයමින් සිටි චම්පික රණවක මේ වන විට සජිත්
ප්‍රේමදාස වෙත කොන්දේසි විරහිතව සහය පලකිරීමට එකඟ වී ඇත. මෙතෙක් කල් සජිත්
විවේචනය කරමින් ඔහු බලාපොරොත්තු වූයේ රනිල්ගේ ආශිර්වාදයයි. රනිල්
කිසිවිටකත් චම්පික වැන්නෙකු අභිෂේක නොකරන බව ඔහුට තේරුම්ගත නොහැකි වූයේ
උපාය-උපක්‍රම දේශපාලනය තුල ඔහු ගිලී සිටි බැවිනි.
ගේම් ගැසීමට ගොස් අසරණව ඇති චම්පිකට මේ වන විට වෙන කල හැකි දෙයක් නොමැති අතර සජිත් ජනාධිපති වී පිහිටවන ආණ්ඩුවක අමාත්‍ය දූරයක් හෝ චම්පිකට හිමිවේ ද යන්න සක සහිතය.
දැන් චම්පික විසින් රඟමින් සිටිනුයේ මාලිමාව විසින්
හෙළිදරව් නොකළ, මහා බැංකු සොරකමට ද වඩා මහා සොරකමක් තමන් විසින් හෙළි කල බව
පෙන්වමින් හිමින් සීරුවේ සජිත් වෙත එකතු වීමේ භූමිකාවයි. ඉදිරියේදී
මාලිමාවට පහරදීමේ පෙරමුණු කථිකයා වීමට නියමිතව ඇත්තේ චම්පිකය.