පොහොට්ටුවේ සැබෑ සහය රනිල්ට

පොහොට්ටුවේ සැබෑ සහය හිමිවන්නේ රනිල් හට බව
පැහැදිලිය. නමුත් ඒ සඳහා පොහොට්ටුව දෙකඩ විය යුතුය. එනම්, රනිල් පාර්ශවයට
යන පිරිසට පිරිසිදු විය හැක්කේ රට කෑ රාජපක්ෂ පවුලෙන් වෙන්වීමෙනි. දැන්
සිදුවෙමින් පවතින්නේ එයයි. ඒ අනුව රාජපක්ෂ පාර්ශවය ජාතිකවාදය කරපින්නා
ගනිමින් ජවිපෙ ඡන්ද කැඩීම සඳහා වෙනම ඉදිරිපත්වන විට ලිබරල්වාදය නියෝජනය
කරනා රනිල් වෙනුවෙන් ඉදිරිපත් වන කොටස රාජපක්ෂලාට එරෙහිව කරුණු දැක්වීමට
නියමිත වන්නේ රටගොඩගත හැකි, ලොව පිළිගත් නායකයා රනිල් බව පවසමිනි.