Menu
Contact us
×
Thursday, September 19th, 2024
අලි පොහොට්ටු ව්‍යාජ ගැටුම

‘අපි අවංකව රනිල් වික්‍රමසිංහ මහත්තයට උදවු කලා.හැබැයි ඉතින් අපිට අවාසනයට ලැබෙන්නේ අපේ පක්ෂය දෙකට කඩන්න උත්සාහයක්නම්, එතුමා ඒ පිළිබඳවත් කල්පනා කල යුතුයි‘  යයි පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් මහතා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍යවේදියකු විසින් යොමුකල ප්‍රශ්නයකට පිලිතුරු දෙමිනි.

ප්‍රශ්නය:ඔබතුමන්ලා දැන් රනිල් මහත්තයට නැවත වරක් උදව් කරන්න හදනවා කියලා කතාවක් තියනවා,ඒක ඇත්තක්ද?

අපි රනිල් මහත්තයට ඒ වෙලාවේ තීන්දුවක් ගත්තා පක්ෂයක් විදියට,විපක්ෂ නායකතුමාට ආරාධනා කලා එතුමා ආවේ නෑ..අනුර කුමාර දිසානායක හිටපු අමාත්‍යතුමාට ආරාධනා කලා එතුමා ආවේ නෑ.රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ආරාධනා කලා එතුමා ආවා එතුමා බාරගත්තා, එතුමාට අපි පූර්ණ සහයෝගය දුන්නා..මං හිතන්නේ අපි අද වෙනකන් වචනෙකින්වත් එතුමාටවත් ආණ්ඩුවටවත් අපිට නොගැලපෙන දේවල් කෙරුවත්,අපිට ගැලපෙන්නේ නැති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කලත් වචනෙකින්වත් ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න හෝ මේ රටේ දේශපාලන ස්ථාවරත්වය කඩන්න අපි කටයුතු කරලා නෑ..හැබැයි පක්ෂයක් විදියට අපිට ලැබිච්ච දායාදෙ නම් පක්ෂය දෙකට කඩපු එක. හැබැයි ඒ කෙසේ වෙතත් අපි අපේ වගකීම ඉටු කරලා තියෙනවා. ඉදිරියේදී අපි හොඳ දේශපාලන තීන්දුවක් ගමු.


MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos