Menu
Contact us
×
Monday, September 23rd, 2024
විවාහ වීමටත් වඩා ලේසියෙන් දික්කසාද විය හැකි නීතියක්
රටේ දික්කසාද සිදු වීම සීග්‍රයෙන් ඉහල යමින් පවතී. ඒ අනුව ඉතා ඉක්මනින් දික්කසාද විය හැකි නීති සම්පාදනය විය යුතුව ඇත.

දික්කසාද නීතිය මුළුමනින් ම ඉවත් කර ‘වරදක් නැති දික්කසාද’ (no fault divorce) නමින් නව නීතියක් හඳුන්වා දෙන බව අධිකරණ, බන්ධනාගාර

කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, පෙරේදා (ජූලි 23) පාර්ලිමේන්තුවේදී ය.

‘වරදක් නැති දික්කසාද’ නව පනත් කෙටුම්පත සකස් කර අවසන් බව ඔහු තවදුරටත් සඳහන් කළේ ය.

අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම නව පනත් කෙටුම්පත මගින් නැවත ස්ථාපිත කර ගැනීමට නොහැකි මට්ටමේ පවතින දික්කසාද නඩු සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගයකින් තොරව තීන්දුවක් ලබා දීමට අධිකරණයට බලය ඇති බව ය.

“දික්කසාද නිතිය මුළුමනින් ම අපි අයින් කරලා අලුත් කෙටුම්පතක් හදලා තියෙන්නේ. ඒක ‘නෝ ෆෝල්ට් ඩිවෝර්ස්.’ මේ වගේ බරපතළ විදිහට අවුරුදු ගණන් නඩු විභාග පවත්වන්නේ නැතුව ඒ විවාහය නැවත ස්ථාපිත කර ගන්න බැරි මට්ටමට කඩා බිඳ වැටිලා තියෙනවා කියලා සනාථ වෙනවා නම් අධිකරණයට ඒ තීන්දුවක් දෙන්න පුළුවන් බලය ඒකට ලැබෙනවා. “

 දික්කසාද නඩු ඇතුළු අනෙකුත් නඩු සම්බන්ධයෙන් විදේශීය අධිකරණවල ලබා දෙන නඩු තීන්දු ශ්‍රී ලංකාවේ අධිකරණවල පිළිගැනීමට හැකි වන ආකාරය විදේශ නඩු තීන්දු පිළිගැනිම සහ බලාත්මක කිරීමේ පනත මගින් හැකියාව ලැබෙන බව අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.


“විදේශ අධිකරණවල දෙන දික්කසාද තීන්දු ඇතුළු අනෙකුත් තීන්දු ලංකාව තුළ පිළිගැනීමක් නැතිකම සහ ක්‍රියාත්මක කිරීමට ක්‍රමවේදයක් නැති එකත් බරපතළ ප්‍රශ්නයක්. ඒක නිසා තමයි අපි ඉදිරිපත් කෙරුවේ ‘විදේශ නඩු තීන්දු පිළිගැනිම සහ බලාත්මක කිරීමේ පනත.’ ඒ පනත ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වෙලා තිබුණා අභියෝගයට ලක් කරලා අද දින නියෝජ්‍ය කතානායකතුමා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අපිට දැනුම් දුන්නා.”



MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos