Menu
Contact us
×
Thursday, September 19th, 2024
එංගලන්තයේ ඉන්දන හිඟයක්!

එංගලන්තේ ඉන්ධන හිඟයක් ඇවිල්ලා, මිනිස්සු පෙට්‍රල් ෂෙඩ් ළඟ පෝලිම් හැදිලා, කෑන් අරන් ඇවිල්ලා එව්වාට පුරවනවා .... ජංජාල ගොඩක් කියලා දෙරණෙන් ප්‍රවෘත්තියක් යනවා. ඒ අතරේම අපේ පුවත්පත් මණ්ඩලේ සභාපති ආචාර්ය මහින්ද පතිරණ මහත්තයාත් හැරෙන තැපෑලෙන් ෆේස්බුක් පෝස්ට් එකක් දාලා තියෙනවා "වසංගතයේ බලපෑම සංවර්ධිත රටවලට කියලා නෑ, එංගලන්තෙ" කියලා. බංදු සමරසිංහගෙ වචනෙන්ම කියනවා නම් "මාර වැඩේ එංගලන්තෙට වුණේ.

මේක දැක්ක ගමන් මතක් වුණේ ලංකාව තෙල් ගන්න ඩොලර් නැති නිසා ඉන්දියාවෙන් ඩොලර් මිලියන් 500ක ණයක් ඉල්ලුවා කියලායි අපේ බලශක්ති ඇමති ගම්මන්පිලතුමා පහුගිය ටිකේම එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් දිගු කාලීනව ණයට තෙල් ගන්න සාකච්ඡා කළායි කියලා ඊයේ පෙරේදා මෙහෙත් පළ වුණු ප්‍රවෘත්ති ටික. කසකාර මුදියන්සෙලා ටික කලින්ම වැඩ පටන් ගත්තෙ එව්වා නිසා වෙන්න නම් කොහෙත්ම බෑ. මොකද, එංගලන්තෙ තෙල් ප්‍රවාහනේට රියදුරෝ හිඟවෙලා තෙල් නැති වුණාට ලංකාවෙ ඔහොම වෙන්නෙ නෑ කීයටවත් ! 

ඒ අස්සේ එංගලන්තෙ පැත්තෙන් පොඩ්ඩක් ආරංචි කරලා බැලුවාම එහෙන් නම් ඇහුණෙ මේ පෝලිම් වල වැඩිහරියක් ඉන්නෙ අපේ වගේ ආසියාතික රටවලින් ආපු අයම තමයි කියලා. එහෙම වුණා නම් හොඳ වැඩේ. ඇත්තටම මේ පිං කෙත හෙළ රන් දෙරණ අතෑරලා ඔය තෙලුත් නැති එංගලන්තෙට පැනපු උන්දැලාට හොඳම වැඩේ !! 

කොහොම වුණත් අපි මානුෂීයයි නෙ. ඒ නිසා අපි ඒ අයට කියන්නෙ "ලැජ්ජා වෙන්න දෙයක් නෑ. දැන්ම ටිකට් බුක් කරන් ලංකාවට එන්න, මෙහෙ තෙල් ඕනෙ තරම් තියෙනවා. මදි වුණොත් මන්නාරම් ද්‍රෝණියෙ බොරතෙල් බැරල් බිලියන් 1.5ක්ද කොහෙද තියෙනවා කියලා ගම්මන්පිලතුමා මේ මෑතකදි හොයාගෙනත් තිබුණා. ඒක නිසා මෙහෙ කිසිම ප්‍රශ්නයක් නෑ. ප්ලේන් නැත්තං බෝට්ටු වලින් හරි එන්න, අපි ඔය ඕස්ට්‍රේලියන් කාරයො වගේ බෝට්ටු වලින් ආවොත් බාරගන්නෙ නෑය කියන්නෙ නෑ. අපි බාරගන්නවා. බය නැතුව එන්න" කියලායි.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos