Menu
Contact us
×
Sunday, April 20th, 2025
රාජ්‍ය නිලධාරීන්ගේ සුපුරුදු වන්දිබට්ටකම් වලට අනුරගෙන් තහනමක්!

හරිනි අමරසූරියගේ සහ විජිත හේරත්ගේ රුව අඩංගු සමරු මුද්දර දෙකක් මුද්‍රණය කොට ඔවුන්ට පිරිනමන ඡයාරූප දෙකක් නිකුත් කොට තිබුණි. එය තැපැල් දෙපර්ර්තුමෙන්තුවේ සුපුරුදු ක්‍රියාවක් සහ ඉතා සුළු වශයෙන් මුදල් වැය කිරීමක් වුව ද මාලිමා විරෝධීන්ගෙන් ඊට ප්‍රතිචාර ලැබූ තිබුණි.

එම සිදු වීම බොහෝ දුරට අදාළ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සුපුරුදු ක්‍රියාවක් විය හැක. එනම්, අගමැතිනිය හෝ තැපැල් ඇමති වන විජිත හෝ කලින් ඒ පිළිබඳව නොදැන සිටියා විය හැකිය. සමරු මුද්දර නිකුත් කිරීම සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් වරද කරුවන් කල නොහැකි වුව ද මාලිමාවේ ප්‍රතිපත්ති වලට අනුව නම් හරිණි සහ විජිත විසින් කල යුතුව තිබුනේ ඒවා පිලිනොගනීමයි.

දැන් ඊට ජනාධිපති අනුර විසින් ප්‍රතිචාර දල්වා ඇත. ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කල නිවේදනය පහතින්:


MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos