Menu
Contact us
×
Saturday, November 23rd, 2024
බලාපොරොත්තු වූ විද්‍යාඥයින්, ආචාර්යවරුන් සහ මහාචාර්යවරුන් නොමැති ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තුව
පහත ඡායාරූපයේ සිටිනුයේ මෙවර ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇති පිරිසයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ එම පක්ෂයේ ජාතික ලැයිස්තුවට ඇතුලත්වනු ඇති සිතූ විද්යාඥයින්, ආචාර්යවරුන් සහ මහාචාර්යවරුන් මෙවර ඊට ඇතුලත්ව නොතිබීමයි.

මෙවර එම ලැයිස්තුවට අන්ධ පුද්ගලයෙකු ද ඇතුලත් වී ඇත. ඡායාරූපයේ ඉදිරිපසින් සිටිනුයේ ඔහුය. ඒ පිළිබඳව නිර්මාල් දේවසිරි තැබූ මුහුනුපොත් සටහන පහතින් දක්වා ඇත:

"මේ පේලියේ ඉස්සරහින්ම සුදු සැරයටියත් අරන් ඉන්නෙ මං හිතන්නෙ මෙවර ජාතික ලැයිස්තුවෙන් පත් කළොත් ලංකා ඉතිහාසයේ බිහිවුනු හොදම පාර්ලිමේන්තු මන්ත්රී වරයෙක් වෙන්න පුළුවන් කෙනෙක්. සුගත් වසන්ත ද සිල්වා තමයි මට මගේ වෘත්තීය ජීවිතයේ මුණ ගැසුනු අභියෝගාත්මකම ශිෂ්යයා. විශ්වවිද්යාල කතිකාචාර්යවරයෙක් ලෙස මගේ මුල්ම ශිෂ්ය කණ්ඩායමේ සිටි කෙනෙක්. ඔහු පංතියේ සිටින විට පිට කරන සෑම වචනයක්ම පරිස්සමින් පිට කළ යුතුයි. වරක් මා වැරදීමකින් කලින් ඉදිරිපත් කළ ඉතා සුළු කරුණකට පරස්පර දෙයක් පසු දවසක පංතියේ ප්රකාශ කළ විට මගෙන් ප්රශ්න අසා මා බරපතල අමාරුවක දැමූ ආකාරය මට මතකයි. ප්රථම පංතියේ සමාර්ථයක් ලැබුණත් ඔහු ආචාර්ය මණ්ඩලයට බදවා නොගැනීම ඔහුට සිදු වූ විශාල අසාධාරණයක් බව මගේ අදහසයි. මා බලාපොරොත්තු වෙනව ඔහු පාර්ලිමේන්තුවට පත් කරවිය කියා.
ඒ වගේම Lakmali Hemachandraත් අතිශයින්ම වැදගත් තේරීමක් බව කිව යුතුයි."
MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos