Menu
Contact us
×
Thursday, September 19th, 2024
පොහොට්ටුවේ දෙදරීම ව්‍යාජ රංගනයක්

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පරස්පර විරෝධි මත දැක්වීම් හේතුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කිසියම් දෙදරීමක් හටගෙන ඇතැයි වාර්තා වේ. නමුත් මෙය මේ මොහොතේ පොහොට්ටුවේ මන්ත්‍රීන්ගේ පැවැත්ම තහවුරු කොට ගැනීමට මෙන්ම සියලු ප්‍රභූ දේශපාලකයන්ගේ අනාගතය වෙනුවෙන් සිදු කල යුතු අත්‍යවශ්‍ය රංගනයකි. එම පසමිතුරුතාවයන් ගොඩනැගෙනුයේ එබැවිනි.

කෙසේ වෙතත් මේ දෙදරීම හටගෙන ඇත්තේ එහි එක් පාර්ශවයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනාධිපති අපේක්ෂක බවට පත් කළ යුතු යැයි තරයේ ප්‍රකාශ කිරීමත් අනික් පාර්ශවය වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවටත් අදහස් මතු කිරීම හේතුවෙන් බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය. නමුත් සත්‍ය වශයෙන්ම සැලසුම්කර ඇත්තේ පොහොට්ටු සලකුණින් ධම්මික පෙරේරා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමටත්, පොහොට්ටුවට එරෙහි බව පවසමින් අනෙක් පාර්ශවයන් රනිල් ජනාධිපතිවරයා බවට පත්කොට ගැනීම සඳහා උත්සාහ දැරීමටත් හෝ එසේ බැරි වුවහොත් අවසානයේදී සජිත් වෙත සහාය පල කිරීම අරමුණු කොටගෙනය. මෙම ව්‍යාජ පසමිතුරුතාවය තුලින් පොහොට්ටුව වෙත ඇති ජන විරෝධී රැල්ල මාලිමාව වෙතට නොයවා රනිල්ගේ හෝ සජිත්ගේ ඡන්ද පදනම ශක්තිමත් කිරීම වෙත ගෙනයා හැකි වනු ඇති බවට පොහොට්ටු නායකයින් ගණන් බලා ඇත.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos