විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඩුබායිහිදී
ඊයේ පස්වරුවේ පැවති තෙවැනි තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් පිල පරදවා කඩුලු 10ක පහසු ජයක් හිමි කර ගැනීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ සමත් වූහ.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොදෙව් පිල කඩුලු 6ක් දැවී ලකුණු 118ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය දකුණු අප්‍රිකාව කිසිවකුත් නොදැවී ජය තහවුරු කර ගත්තේ පන්දු 13ක් ද ඉතිරිව තිබියදීය.
නායිකා ලෝරා වොල්වාඩට් පන්දු 55කින් නොදැවී ලකුණු 59ක් සහ ටස්මින් බ්‍රිට්ස් පන්දු 52කදී නොදැවී ලකුණු 57ක් රැස් කරමින් කණ්ඩායමේ ජය තහවුරු කළහ.
පළමුව පන්දුවට පහර දුන් කොදෙව් ඉනිමේදී ස්ටෙෆානි ටේලර් පන්දු 41කින් ලකුණු 44ක් රැස් කළ අතර, සෙසු පිතිකාරිනියන්ට ලකුණු 20 සීමාව ඉක්මවීමට නොහැකි වූහ. පන්දු යැවීමේදී නොන්කුලුලෙකො මලාබා කඩුලු 4ක් සහ මරිසාන් කාප් කඩුලු 2ක් දවා ගත්හ.
කොදෙව් කාන්තා පිල – 118/6 (ඕවර 20) ස්ටෙෆානි ටේලර් 44 (නොන්කුලුලෙකො මලාබා 29/4, මරිසාන් කාප් 14/2)
දකුණු අප්‍රිකානු කාන්තා පිල – කිසිවකු නොදැවී 119 (ඕවර 17.5) ලෝරා වොල්වාඩට් නොදැවී 59, ටස්මින් බ්‍රිට්ස් නොදැවී 57