Menu
Contact us
×
Saturday, November 23rd, 2024
හොරු අල්ලනවා; හැබැයි පලිගන්නවයි කියන්න එපා - ටිල්වින්

වර්තමාන රජය යටතේ හොරු අල්ලන්නේ නීත්‍යානුකූල ලෙස බවත්, දේශපාලන පළිගැනීම් එහි නොමැති බවත්, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි.

හොරු අල්ලන්න පටන් ගත්ත විට නහයෙන් අඬන්න එපා යයි ද ඔහු ඉල්ලා සිටී.

තවමත් ආණ්ඩුව පත්ව ගතව ඇත්තේ සති දෙකක කාලයක් නිසා එම කාලය තුළ සියල්ල බලාපොරොත්තු නොවිය යුතු බව ද ඔහු කියා සිටී.

තමන්ට මැතිවරණයට තරග කිරීමට හෝ ආණ්ඩුවේ තනතුරු ගැනීමට අවශ්‍යතාවයක් නැති බවත් තමන් පක්ෂ මහ ලේකම් ධූරයේ වගකීම ඉටු කරන බවත් තවදුරටත් පැවසුවේය.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos