Menu
Contact us
×
Thursday, September 19th, 2024
චම්පිකගෙන් ටිල්වින්ට අභියෝගයක්

සෑම දේශපාලන පක්ෂයකටම තිබුණේ මැතිවරණ සමයේ දී එළි දක්වන මැතිවරණ ප්‍රකාශ බවත්, නොවෙනස්, අධිෂ්ඨානයෙන් රැකගන්නා එක ම ප්‍රතිපත්ති ප්‍රකාශය ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණට පමණක් බවත් කී ජනතා විමුක්ති පෙරමුණ

එම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ඉවත් වී ඇත්ද, ඉවත් වී ඇත්නම් ඒ කුමන වගන්තිවලින් ද, එම පැරණි ප්‍රතිපත්ති ප්‍රකාශනය යට ගසා ඇත්තේ කාගේ උවමනාවකට ද යන්න ප්‍රකාශ කරන ලෙසත්  එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පසුගියදා  ටිල්වින් සිල්වා ට  අභියෝග කර තිබුණි.

 

“මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉතා රසවත් දෙයක්. ඉතා වැදගත් වෙනවා මුලින් ම අද මේ රටේ විශ්‍රාමික හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරීන් ආදින් එකතු කර ගෙන ‘අදිටන’ නමින් හමුදා සංවිධානයක් හදලා තියෙනවා. පරණ ජනතා විමුක්ති පෙරමුණ මර්දනය කිරීම සඳහා යොදා ගත් හමුදා විශේෂ කාර්ය බලකාය, රහස් පොලීසිය ආදී වැඩ කරපු නිලධාරීන්ගෙන් සැදුම්ලත්.

 

 

මේ ජනතා විමුක්ති පෙරමුණේ ඇත්ත ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව පොලීසිය, රහස් පොලිසිය, ආරක්ෂක හමුදා පිළිබඳ, ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය, කුමක් ද? 16 වෙනි වගන්තියේ කියනවා ‘රහස් පොලීසියේ විශේෂ දේශපාලන අංශයක්’ මේක රවී සෙනවිරත්න ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා හොඳට මතක තියා ගත යුතුයි. රහස් පොලීසියත්, පොලිසියත් ත්‍රිවිධ හමුදාවත් මේක මේජර් ජෙනරාල් අරුණ ජයසේකර හොඳට මතක තබා ගත යුතුයි. ‘ඒවාට අනුබද්ධ ස්වේච්ඡා හමුදාත් සහමුලින්ම විසුරුවා හරිනු ඇත.’ මේ තමයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය.

 

 

‘විකල්පය ජනතාව මර්දනය කිරීමේ නිත්‍ය සන්නද්ධ හමුදා පවත්වා ගෙන නො යනු ලබන අතර, මුළු ජනතාව ම සන්නද්ධ කරනු ඇත. රටේ සාමය හා සුරක්ෂිතභාවය පවත්වාගෙන යාම සඳහා ජනතාවගේ ස්වේච්ඡා සාම සේවයක් පවත්වා ගෙන යනු ඇත.’

 

ජනතාව සන්නද්ධ කරලා ජනතාවගේ ස්වේච්ඡා සාම සේවයක්. කාරණය පැහැදිලියිනේ. ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් අවි ගන්නලා සාම සේවයට ගන්නවා කියන එක තමයි ඔය ජනතාව, ජනතාව කියලා තියෙන්නේ. අනික් අය ප්‍රතිගාමී එතකොට මේ ජනතාව කියලා කියන්නේ ඒකයි. ඊළඟට ‘රාජ්‍යයට, සමාජවාදී, රාජ්‍ය ආරක්ෂක කමිටුවක් පිහිටවනු ලැබේ.’ ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවට, ජනතා විමුක්ති පෙරමුණේ රාජ්‍ය ආරක්ෂක කමිටුවක් එන බව තමයි, මේ විප්ලවීය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කියලා තියෙන්නේ. ඒ අනුව, ‘ජනතා අධිකරණ ක්‍රමයක් බිහි කරනු ලැබේ.’ ලාල් කාන්ත මහත්තයා නිකන් නෙමෙයි, කට කහනවට නෙමෙයි මේක කිව්වේ. මේ අනුව ගම්බද, නගරබද ප්‍රදේශබද දිසා බද ජනතා අධිකරණ ද, උත්තරීතර ජනතා අධිකරණයක් ද, පිහිටවනු ලැබේ. මේ බලාගන්න ඕනේ අපේ උසාවිය, අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍ය පිළිබඳ. නිකං නෙවෙයි ලාල්කාන්ත මහත්තයා ගමට අධිකරණ බලය දෙනවා කිව්වේ. මෙන්න මේකයි ඒකෙ තියෙන සම්පූර්ණ ඇත්ත.

 

 

ඒ නිසා අපි අහනවා නැවත වතාවක් ජනතා විමුක්ති පෙරමුණෙන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඔබ පිළිගන්නවාද නැද්ද? පිළිගන්නේ නැත්නම් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නොවන ඔබේ ප්‍රතිපත්තිය කුමක් ද? එහි ඉන්න එක ම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ. ජාතික ජන බලවේගයේ විධායක සභාවේ බහුතරය හිමි ජනතා විමුක්ති පෙරමුණට. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්තියයි අපට අවශ්‍ය. ඒ පැරණි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඔබ නැත්නම් අලුත් ප්‍රතිපත්ති ප්‍රකාශනය අපට ඉදිරිපත් කරන්න. මෙය සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරන බව විවෘතව, පැහැදිලිව, ජනතා විමුක්ති පෙරමුණේ නායකයා, මැතිවරණයට පෙර ප්‍රකාශ කළ යුතු ම යි.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos