Menu
Contact us
×
Wednesday, September 18th, 2024
18 18 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු සමාජ මාධ්‍යවල ප්‍රචාරණ කටයුතු ද තහනම්

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන් වූ පසු සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරනු ලබන ප්‍රචාරයන් වැළැක්වීම සඳහා

විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව, මැතිවරණ කොමිසම පවසයි.

නිහඬ කාලසීමාවේ කිසිදු ප්‍රචාරණයක් සිදුකිරීමට නීතියෙන් තහනම් බව එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කර ඇත.

 එහෙත් ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය යොදා ගනිමින් නීතිවිරෝධීව ජනාධිපතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇතැයි ඔහු පවසයි.

නිහඬ කාලසීමාවේ සමාජ මාධ්‍ය ප්‍රචාරණය සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය ගැන අදාළ ජාත්‍යන්තර සමාගම් සමග සාකච්ඡා කර ඇති බව ද  සභාපතිවරයා සඳහන් කළේ ය.

 

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු ලබන 18 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos