Menu
Contact us
×
Monday, April 21st, 2025
හකීම්ට බාදා කිරීම පිටුපස මුස්ලිම් ජාතිවාදී දේශපාලන ව්‍යාපෘතියක්?

සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය පළකරමින් මඩකලපුවේදී පවත්වන ලද ජනරැළියකට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් ජනරැළිය අමතමින් සිටියදී එල් වූ මෙම ගල් ප්‍රහාරයෙන් එහි කලබලකාරී තත්ත්වයක් ඇති වී තිබේ.

ප්‍රහාරය එල්ල වීමත් සමඟ හකිම් මහතාගේ ආරක්ෂකයන් ඔහුව වට කර ආරක්ෂාව සපයා ඇති අතර ඔහුට ඉන් කිසිඳු හානියක් සිදු නොවීය.

අකුරණ ප්‍රදේශයේ පසුගිය මස 23 වැනිදා පැවති ජනරැලියකදීද හකීම් මහතාට හූ  තැබීමක් සිදුවිය.

කෙසේ වෙතත් රිෂාඩ් බදුර්දීන් හට මෙවැනි බාදා එල්ලනොවන අතර හකීම් වෙත බදා කිරීම උග්‍ර මුස්ලිම් ජාතිවාදී දේශපාලන ව්‍යාපෘතියක සැලසුම් සහගත ක්‍රියාවක් බව පෙනෙන්නට තිබේ.
MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos