Menu
Contact us
×
Thursday, September 19th, 2024
සජබ රැළියට ආ සුසන්ත පුංචි නිළමේ පලවා හැරීම ස.ජ.බෙ ම සැලසුමක්!

අද (14) රත්නපුරයේ පැවති සමගි ජන සන්දානයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ගේ 'දිනන සජිත්' ජන රැළියට විශාල ජන ගඟක් සහභාගී සිටි බව වාර්තා වේ.


මෙහිදී ජනාධීපති ධූර  අපේක්ෂක සජිත් ප්‍රේමදාස ජන හමුවට පැමිණීමට පෙර සුසන්ත පුංචි නිළමේ මන්ත්‍රීවරයා සජබ වේදිකාවට ගොඩවීමට උත්සාහ ගත් අවස්ථාවේ වේදිකාවේ සිට ඇත්තේ රත්නපුර සමගි ජන බලවේගයේ සංවිධායක හේෂා විතානගේ වන අතර ඔහුත් ජන හමුවට සහභාගී වී සිටි සියළුම ජනතාවත් සුසන්ත පුංචි නිළමේගේ සහභාගීත්වයට එරෙහි වී  ඔහුව වේදිකාවෙන් පළවා හැර ඇත.

 

 

පුංචි නිළමේ අවස්ථා දෙකක් වේදිකාවට ගොඩවීමට උත්සාහ කළද රැස්ව සිටි පිරිස කෑකෝ ගසමින් හූ තියමින් ඔහුව පළවා හැර ඇතැයි වාර්තා වේ.

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක සහ රත්නපුර පාර්ලිමේන්තු මන්ත්‍රී කරු පරණවිතාන එම සිදුවීමෙන් අනතුරුව වේදිකාවට පැමිණ ඇති අතර ඒ වනවිටත් සුසන්ත  පුංචි නිළමේව  එම ස්ථානයෙන් පිටමං කර තිබුණි.

 

 

සිදුවීමෙන් නොසන්සුන් වූ  අතිවිශාල ජනගඟ පාලනය කරගැනීමට පැය භාගයක පමණ කාලයක් ගතව ඇත. 


අනතුරුව ජනාධීපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ජන රැළිය ඇමතීමට පැමිණ ඇති අතර,  ඉන් අනතුරුව විපක්ෂ නායකවරයා කරු පරණවිතාන මන්ත්‍රීවරයාගේ උපන් ගම වූ ලෙල්ලුපිටියේ ජන හමුවකට සහභාගී වීමෙන් අනතුරුව බණ්ඩාරවෙල ජයග්‍රාහී ජන රැළිය ඇමතීමට පිටත්ව ගිය බව ආරංචිමාර්ග පවසයි.

 


MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos