Menu
Contact us
×
Monday, April 21st, 2025
දුමින්ද සිල්වා නිදහස් කරගැනීමේ මෙහෙයුමේ පළමු පියවර සාර්ථකව අවසන්

ජනාධිපති සමාව ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා අදාළ ජනාධිපති සමාව බල රහිත කරමින්  නැවත බන්ධනාගාරගත කෙරුනි. හිරු ඇතුළු රෙනෝ සිල්වාගේ ජනමාධ්‍ය ආයතන සියල්ල සජිත් ප්‍රේමදාස දිනවීම සඳහා ක්‍රියාත්මකව ඇත්තේ, ඔහු ජනාධිපති වීමෙන් පසුව දුමින්ද සිල්වා නිදහස් කරගැනීම වෙනුවෙන් බව හිරුනිකා ප්‍රේමචන්ද්‍ර දිගින් දිගටම පවසයි.


භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ චෝදනාවලට වරදකරු කර කොළඹ විශේෂ ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ල බහුතර එකඟතාවයෙන් මරණීය දණ්ඩනය නියම කොට තිබූ දුමින්ද සිල්වා හා චමින්ද රවි ජයනාත් විත්තිකරුවන් සියලුදෙනාම එම නඩුවේ 17 වන චෝදනාවෙන් එනම් නීති විරෝධි ටී-56 ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම හා ඒ සඳහා ආධාර අනුබලදීම හා කුමන්ත්‍රණය යන චෝදනාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර ඇතැයි කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා (13දා) විත්තිකාර පාර්ශ්වයට දැනුම් දුන්නේය.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos