Menu
Contact us
×
Monday, April 21st, 2025
මසකට පෙර කල නොහැකියි කියූ සියල්ල දැන් පුළුවන්

 2025 අප්‍රේල් මාසයේ සිට බලපැවැත්වෙන පුද්ගලික ආදායම් බදු (PIT) ව්‍යුහයේ වෙනස්කම් සඳහා

කැබිනට් අනුමැතිය හිමිව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

 

 

නව ව්‍යුහය යටතේ වැටුප් රු. 150,000 කින් 14% ක බදු අඩු කිරීමක් දකින අතර වැටුප් රු. 200,000 කින් 20% ක අඩු කිරීමකින් ප්‍රතිලාභ ලබන අතර රු. 300,000 ට 25% ක අඩුවීමක් ලැබෙනු ඇත.

 

 

පසුගිය කාලය තුළ ඒ වෙනුවෙන් වෘත්තිකයින්ගේ විරෝධතාවන්  පැවති අතර එහිදී පැවති අදහස වූයේ එම අවස්ථාවේ පුද්ගලික ආදායම් බදු පැනවීම්හි වෙනස්කම් සිදු නොකළ හැකි බවය. එසේ වුවහොත් එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි නොසලකා හැරීමක් වනු ඇති බවය.

 

 

එහෙත් ඡන්දය ඉලක්ක කරගෙන මෙම වෙනස්කම් සඳහා අනුමැතිය ලබාදෙන බව සමහර සමාජ මාධ්‍ය ක්‍රියාකාරකයින් චෝදනා කරති.

 

එසේම මැතිවරණය ඉලක්ක කරගෙන කැබිනට් මණ්ඩලය විසින් ගනු ලබන මෙවැනි තීරණ සම්බන්ධව මැතිවරණ කොමිසම විසින් සිය කණස්සල්ල පළකර තිබියදීත් ඒවා ගණනකට නොගනිමින් කැබිනට් මණ්ඩලය කටයුතු කිරීම ජනතාවගේ දෝස දර්ශනයට ද  ලක්ව ඇත.

 

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos