Menu
Contact us
×
Monday, April 21st, 2025
CEB, CPC සහ CPSTL යන ආයතන තුන වෙනුවෙන් නව වැටුප් ක්‍රම

විදුලිබල මණ්ඩලයේ, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ කළමණාකාරීත්වය සහ

සේවක නියෝජිතයන් සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු යෝජනා කිහිපයකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

 

 

විශේෂඥ කමිටු වාර්තාව මත පදනම් වෙමින් බලශක්තිය සඳහා වෙනම නියාමකයක් ස්ථාපිත කිරීමට සහ තෙල්, ගෑස් මිලකරණය හා ප්‍රමීතීන් සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කිරීමට මෙලෙස අනුමැතිය හිමිව ඇති බව සඳහන්.

 

 

CEB, CPC සහ CPSTL යන ආයතන තුන වෙනුවෙන් යෝජිත නව වැටුප් ක්‍රම ක්‍රියාත්මක කිරීමට සහ සේවකයින්ගේ ප්‍රමිතිය මත පදනම්ව වෙනම දිරි ගැන්වීමේ දීමනාවක් අගෝස්තු මස පළමු වන දින සිට බලාත්මක වන පරිදි ලබාදීමටත් කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

 

එම ආයතනයන්හි සේවක සංඛ්‍යාව සංශෝධනය කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වැඩිදුරටත් සඳහන්.

 

මේ අතර විදුලිබල මණ්ඩලයේ, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ කළමණාකාරීත්වය සහ සේවක නියෝජිතයන් සමග සාකච්ඡාවක් ද අද (13) උදෑසන පවත්වා තිබුණා.

 

වසර 2 කට පෙර අඛණ්ඩ විදුලිය සහ ඉන්ධන සැපයුමක් ලබා දීමට නොහැකි වූ එම ආයතන තුනේ එම සේවාවන් අඛණ්ඩව සහ කාර්යක්ෂමව ලබා දීමට පසුගිය වසර දෙක තුල රජය ගත් තීරණ, ඇති කල මුල්‍ය විනය, ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙල සහ අනෙකුත් ක්‍රියාවලිය පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

@monara

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos