Menu
Contact us
×
Thursday, September 19th, 2024
ව්‍යාජ හඬපටය සම්බන්ධයෙන් ටිල්වින්ගේ ප්‍රකාශය
"අපි ආවම ආමි පොලිස් ඔක්කොටම ගහනවා" යනුවෙන් පවසන වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර ඇති ජාතික ජන බලවේගයේ විශ්‍රාමික හමුදා සාමූහිකයේ යැයි කියන පුද්ගලයාගෙන් එම සාමුහිකයේ ප‍්‍රධානියා විසින් කරුණු විමසා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි.

තමන් එවැනි දෙයක් ප‍්‍රකාශ නොකළ බවත් කිසිවකු විසින් හඬ කැවීමක් සිදු කර ඇති බවත්, ඔහු එහිදී සඳහන් කර ඇති බව ටිල්වින් සිල්වා පවසා සිටියා.

මේ සම්බන්ධයෙන් රහස් පොලිසියට කර ඇති පැමිණිල්ලට අදාලව ද ඔහු ප්‍රකාශයක් ලබා දී ඇති බවත් එහිදී ද ඔහු සඳහන් කර ඇත්තේ එයම බවත් පැවසූ ටිල්වින් සිල්වා දැන් සිදුවීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක නිසා එහි ප්‍රතිඵල අනුව ඉදිරියේදී අවශ්‍ය ආකාරයට නීතිය ක්‍රියාත්මක වෙනු ඇති බව ද සඳහන් කළේය.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද සඳහන් කරන්නේ අදාළ වීඩියෝවේ සඳහන් පුද්ගලයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙන බවයි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු මේජර් වරයකු වන ඔහු එවන් ප්‍රකාශයක් තමන් විසින් සිදු නොකළ බවට එහිදී ද පවසා ඇත.

ඒ අනුව මෙම හඬ පටයේ හඬ සැකකරුගේම ද යන්න තහවුරු කරගැනීමට රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යවන ලෙස අධිකරණය නියෝග කර තිබේ.


MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos