Menu
Contact us
×
Monday, April 21st, 2025
මන්ත්‍රීවරු 225න් 215ක්ම ලෝඩ් කිරීමකින් තොරව එක දිගට වෙඩි තියන්න පුළුවන් තුවක්කු ගෙදර අරන් ගිහින්!

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින කිහිපයකි. 

ඊට පෙර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාගෙන් 215 දෙනෙකුම, ආරක්ෂක අමාත්‍යංශය මගින් ඔවුන්ට නිකුත් කිරීම සදහා අනුමත කරන ලද “රිපීටර් ෂොට් ගන්” දෙක බැගින් ලබා ගෙන ඇති බව වාර්තා වේ. 

 

 

රිපීටර් වර්ගයේ ගිනි අවියක් යනු, නැවත පිරවීමකින් තොරව, කිහිප වතාවක් වෙඩි තැබිය හැකි ගිනි අවියකි. 

 

පසුගිය අරගල සමයේ දී අරගලකරුවන් විසින් මන්ත්‍රීවරු රැසකගේ නිවාස ගිනි තැබීමෙන් පසුව, සිය ආරක්ෂාව වෙනුවෙන් පියවර ගන්නා ලෙස මන්ත්‍රීවරු කරන ලද ඉල්ලීමකට අනුව මෙම ගිනි අවි නිකුත් කිරීම සිදු කර තිබේ. 

 

 

රිපීටර් වර්ගයේ මෙම ගිනි අවි අදාල මන්ත්‍රීවරුන්ට ලබා දෙන්නේ නැවත එම ගිනි අවි ලබා ගැනීමේ පදනමෙන් නොවේ. ඒවා මුදල් ගෙවා අදාල මන්ත්‍රීවරු විසින් ලබා ගත යුතු අතර, තුන්වන පාර්ශ්වයකට පැවරීමට නොහැකි බවට රෙගුලාසි පනවා තිබේ.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos