කදුරට ජනතා බලයේ සහය අනුර කුමාරට
2024 ජනාධිපතිවරණයේ කදුරට ජනතා බලයේ සහය ජාතික ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක අනුර කුමාර දිසානායකට බව එම පක්ෂයේ නායක රාමන් සෙන්දුරන් (10) දින හැටන් කොටගල පෞද්ගලික උත්සව ශාලාවකදි මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසිය.
කදුරට ජනතා බලයේ නායකයා සමග එහි ක්‍රියාකාරි සමාජිකයන් පිරිසක් මධ්‍ය හමුවේදි අදහස් දක්වමින් කියා සිටියේ වසර 40 කට ආසන්න කාලයක් මේ රටේ විවිධ දේශපාලන පක්ෂවලට අයත් පුද්ගලයින් රටේ නායකත්වයට පත් වුවද ඉන් කිසිදු නායකයෙකු වතුකරයේ ජනතාවගේ ආර්ථිකය ඉහල දැමිමට හෝ ඔවුන්ගේ යටිතල පහසුකම් ඉහල දැමිමට මෙතෙක් පියවර ගෙන නොමැති බවයි.