Menu
Contact us
×
Thursday, September 19th, 2024
අනුරගේ අභියෝගයට රනිල්ගෙන් කොන්දේසි

ජාතික ජන බලවේගය ආර්ථිකය සම්බන්ධයෙන් එක් මතයකට පැමිණෙන්නේ නම් අනුර කුමාර දිසානායක විවාදයක් සඳහා තමාට කළ අභියෝගය භාර ගැනීමට තමන් සූදානම් බව, ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසයි. 
 

වෘත්තිකයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී ඔහු අනුරගේ  අභියෝගයට ලිස්සන සුළු ප්‍රතිචාරයක් දක්වා ඇත.

 

 

"මට මිත්‍රයා කියන්න එපා කිව්වා. ඔන්න දැන් ආනමඩුවේදී කියලා තියෙනවා විවාදයකට එන්න කියලා. මං කොහොමද විවාදයකට එන්නේ. ඔයගොල්ලෝ ඉස්සෙල්ලා අපිට කියන්න අපනයන ආර්ථිකයක් ද? ආනයන ආර්ථිකයක් ද? කියලා.

 

ඒක දැනුම් දුන්නාට පස්සේ එතුමයි මමයි IMF එකේ කළමනාකාරතුමියයි අපි  ඔක්කොම සාකච්ඡාවක් කරමු. ඕනේ නම් සජිත්ටත් එන්න කියමු."

 

 

කෙසේ වුවද සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස කියන්නේ අනුර සහ  රනිල් දෙදෙනා  එක්ව තම ජයග්‍රහණය වැලැක්වීමට රහසිගත ක්‍රමන්ත්‍රණයක නියැලෙන බවය.

 

 

මේ අතර මැතිවරණ ව්‍යාපාරයේ බිම් මට්ටමේ සංගණන වාර්තා අනුව කියැවෙන්නේ වර්තමාන ජනාධිපතිවරයා මෙවර කොතෙක් ප්‍රචාරණ විධි ක්‍රම භාවිතා කළද ඔහුට ලැබෙනුයේ හතරවෙනි  තැන හෝ පස්වෙනි තැන බවය.

 

 

ජනාධිපති මැතිවරණයට තව ඇත්තේ දින 09ක් පමණි. සැප්තැම්බර් මස 21 වැනි දින ඡන්ද විමසීම සිදු කෙරේ.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos