Menu
Contact us
×
Thursday, September 19th, 2024
ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රයේ රැකියා සදහා පිටත්ව යන 69 කට ගුවන් ටිකට්පත්

ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රයේ රැකියා සදහා පිටත්ව යන 69 කට ගුවන් ටිකට්පත්




මේ වන විට 2,252 ක් කෘෂි රැකියා සදහා පිටත්ව ගිහින්



ඊශ්‍රායලයේ කෘෂි අංශයේ  රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින් 69 දෙනෙක් සදහා ගුවන් ටිකට්පත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී ඊයේ (09) දිනයේදී ලබාදුන් අතර මේ වන විට  තරුණයින් 2,252 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබේ.

ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රි ලාංකික තරුණයින්ට ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවේ.



මෙසේ ගුවන් ටිකට්පත් ලබාගත් ශ්‍රමිකයින් ලබන 12 වන දින හා 18 වන දින ඊශ්‍රායලය බලා යාමට නියමිතය.

ඊශ්‍රායලය සමග ඇති කරගත් ගිවිසුම අනුව වසර 5යි මාස 5ක කාලයක් එරට රැකියාවල නිරතවීමට අවසර හිමිවේ. ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රි ලංකා රජය වෙනුවෙන් කාර්යාංශය විසින් පුද්ගලයින් යොමුකරන අතර, රැකියා ලාභීන් තෝරාගනු ලබන්නේ ලොතරැයි ක්‍රමවේදයට ඊශ්‍රායලයේ ෆීබා ආයතනය විසින් පමණි.


එලෙස තෝරාගනු ලබන පුද්ගලයින්ගේ ඉදිරි කටයුතු කාර්යාංශය විසින් සිදුකර ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත් කරනු ලබයි. රජයන් දෙක අතර පවත්නා අවබෝධතා ගිවිසුම අනුව ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා අවස්ථා හිමිවන බැවින් මෙම රැකියා සඳහා ශ්‍රමිකයින් බඳවා ගැනීමට වෙනත් කිසිඳු බාහිර පාර්ශවයකට අවසර ලබාදී නැත.


එබැවින් ඊශ්‍රායලයේ කෘෂි රැකියා ලබාගැනීම සඳහා වෙනත් කිසිඳු බාහිර පාර්ශවයකට මුදල් ලබාදීමෙන් වලකින මෙන් කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.







MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos