Menu
Contact us
×
Thursday, September 19th, 2024
ගෝඨාගේ පාරෙන් සිංහරාජයට කෙලවෙයි
ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ලංකාගම හරහා දෙනියාය මාර්ගය ඉදීකිරිමත් සමග මේ වන විට බොහෝ සංචාරකයන් සිංහරාජය නැරඹීම සඳහා යමින් සිටින බව වාර්තා වේ.

ඒ හේතුවෙන් එම ප්‍රදේශ වලට විශාල වශයෙන් පොලිතීන්, ප්ලාස්ටික් සහ වෙනත් අපද්‍රව්‍ය එකතු වෙමින් පවතින අතර ඉතා සංවේදී වනාන්තර ප්‍රදේශයක්ව පැවති තත්වය වෙනස් වෙමින් තිබේ. මාර්ගයට කාපට් යොදා සකස් කිරීම හේතුවෙන් සංවේදී පරිසරයට තාර, වාහන දුම, ටයර් කුඩු වැනි ආගන්තුක ද්‍රව්‍ය රැසක් එකතු වෙමින් පවතී.

දෛනිකව බොහෝ විදේශිකයන් ද සිංහරාජය නැරඹීමට පැමිණේ.

මේ අතර බොහෝ දෙනෙකු ගාල්ලේ සිට මාතර බලා යාම සදහා මෙම මාර්ගය භාවිතා කිරිමත් සමග දුෂ්කරව පැවති ලංකාගම ප්‍රදේශය ජනාකීර්ණ වී තිබේ.

නමුත් බොහෝ දෙනෙකු පවසන්නේ ලංකාගම ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථිකය මේ හේතුවෙන් ශක්තිමත්ව ඇති බවය. නමුත් ලංකාගම ජනතාවගේ ආර්ථිකය මීට පෙර ද ශක්තිමත්ව පැවතියේ සිංහරාජය එළිකරමින් සිදු කරන තේ, එනසාල්, ගම්මිරිස් වැනි වගාවන්ගෙන් විශාල වශයෙන් ආදායම් ඉපයීම තුලය.




MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos