Menu
Contact us
×
Thursday, September 19th, 2024
විදෙස් ගමන් බලපත්‍ර අර්බුධය හිතාමතා ගොඩනගන ලද්දක් බවට සැකයක් - විජිත

ජනාධිපතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීමට මෙරටට පැමිණීමට සැලසුම් සිටින විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරට තුළ පවතින වීසා හා විදේශ ගමන් බලපත්‍ර අර්බුදය මත දුෂ්කරතාවයට මුහුණ පා සිටින බව කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ප්‍රකාශ කළා.

විදේශගත ශ්‍රමිකයන් විශාල පිරිසක් මැතිවරණයට මෙරට පැමිණෙන අපේක්ෂාවෙන් සිටියද විදේශ ගමන් බලපත්‍ර කල් ඉකුත් වීම හා ඒවා අලුත් කිරීමේදී දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති බවත් විසා ලබා ගැනීමේදීද දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින බවත්, ආණ්ඩුව ඇතැම් විට හිතාමතාම මෙම ප්‍රශ්නය උග්‍ර වීමට ඉඩදී ඇත්දැයි සැකයක් ඇතිවී තිබෙන බවද ඔහු කියා සිටියේය.




MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos