Menu
Contact us
×
Thursday, September 19th, 2024
අවසන් රැලියේ ස්ථානය සම්බන්ධයෙන් රනිල් සජිත් ගැටෙයි

ජනාධිපතිවරණයේ අවසන් ප්‍රචාරක රැළි පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රධාන පක්ෂ දෙකක අපේක්ෂකයන් අතරත් එකම ස්ථානයක් ලබා ගැනීම සඳහා උත්සාහ දැරීම හේතුවෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇතිවී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස අතර මෙම මත භේදය ඇති වී තිබෙනුයේ රනිල් වික්‍රමසිංහ මරදාන එල්පීස්ටන් රඟහල ඉදිරිපිට හා විපක්ෂ නායක සජිත් ඒ ආසන්න ටවර් රඟහල ඉදිරිපිට පරිශ්‍රයන් ඉල්ලා තිබීම හේතුවෙනි.

පොලිසිය සඳහන් කරන්නේ මෙම ස්ථානයන් දෙක අතර දුර මීටර සීයක් පමණ වීම හේතුවෙන් වෙන්කර දීම ගැටලුකාරී වනු ඇති බවයි.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos