Menu
Contact us
×
Monday, April 21st, 2025
වතුකරයේ දේශපාලන කණ්ඩායම් කිහිපයක් මාලිමාවට එක්වෙයි

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක අනුර කුමාර දිසානායකට සහය දැක්විම සදහා කිසිදු කොන්දේසියක් නොමැතිව හැටන් දික්ඔය නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රි එස්.කේසවමුර්ති ඇතුළු පිරිසක් අද (08) දින ජාතික ජන බලවේගය සමග එක්විය.

සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ උප ලේකම් කලෙයිචෙල්වි මෙනවිය සමග මෙම පිරිස පසුගිය 06 දින හැටන් නගරයේ පිහිටි පෞද්ගලික උත්සව ශාලාවක පැවති රැස්වීමකට එක් වු අතර, එහිදි මාධ්‍ය හමුවක්ද පැවැත්විණ.


ජාතික ජන බලවේගය සමග එක් වුයේ හැටන් දික්ඔය නගර සභාවට ස්වාධින අපේක්ෂකයින් වශයෙන් තරග කල එස්.බාලසුන්දරම්, එස්.සභාරත්නම්, එම්.එස්.එම්.මස්ශාපා, එස්.කේදිශ්වරන් සහ ආර්.නල්ලුසාමි යන පිරිසයි.

මෙම මාධ්‍ය හමුවේදි අදහස් දැක් වු හැටන් දික්ඔය නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රි එස්.කේසවමුර්ති මහතා කියා සිටියේ මේ රට නිදහස ලැබු දින සිට විවිධ දේශපාලන පක්ෂවල අය මේ රට පාලනය කලද ඉන් කිසිදු ඵලයක් සිදු වි නොමැති බවත්, මෙවර රටේ ජනතාව සැබැ වෙනසක් අපෙක්ෂාවෙන් සිටින බවත්, එම අපෙක්ෂාව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක අනුර කුමාර දිසානායක මහතා බවත් එස්.කේසවමුර්ති කියා සිටියේය.



MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos