Menu
Contact us
×
Thursday, September 19th, 2024
ජනතාවට අත්‍යවශ්‍යම ද්‍රව්‍යක් වන සිමෙන්ති මිල පහලට

2009න පසුව ගත වූ කාර්තුව තුල ජනතාවට අත්‍යවශ්‍යම භාණ්ඩ දෙක බවට පෙට්‍රල් සහ සිමෙන්ති බවට පත්ව තිබුණි. නමුත් 2022න් පසුව ඒ දෙකෙහිම මිල ඉහල ගොස් ඇත. 


මැතිවරණය නිමිත්තෙන් මෙවන් භාණ්ඩ වල මිල පහල දමමින් තිබෙන තත්වයක් තුල ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ද අඩු කිරීමට රජය පියවර ගෙන තිබේ.

සැප්තැම්බර් මස 06 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික සිමෙන්ති කිලෝග්‍රෑම් 1ක් සඳහා පැවති සෙස් බද්ද රුපියලකින් අඩු කිරීමට පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.

ඒ අනුව, කෘතිම ලෙස වර්ණ ගැන්වූ හෝ නොගැන්වූ සුදු සිමෙන්ති කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 5ක් ව පැවති සෙස්  බද්ද රුපියල් 4 දක්වා අඩු කර තිබේ.

කිලෝග්‍රෑම් 50 සහ ඊට අඩු ඇසුරුම්වලින් ආනයනය කරනු ලබන සිමෙන්ති සඳහා රුපියල් 8ක්ව පැවති සෙස් බද්ද රුපියල් 7 දක්වා අඩු කර ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos