Menu
Contact us
×
Monday, April 21st, 2025
අනුර යලි අද සිට ජන රැලි අමතයි
ඊයේ (07) දෙයියන්දරදී පැවති ජන රැලියක් අමතමින් ටිල්වින් සිල්වා පවසා සිටියේ, රෝගාතුර වී ඇති අනුර කුමාර දිසානායක හෙට සිට නැවතත් ජන රැලි අමතනු ඇති බවයි.

ටිල්වින් සිල්වාගේ ප්‍රකාශය:
“ඇත්තටම මේ රැස්වීමට මම එන්න හිටියෙ නෑ. මම අද බදුල්ලේ යන්න හිටියෙ, බදුල්ලේ ජනහමු කීපයක් තිබ්බා. නමුත් මම බදුල්ලේ යන එක නවත්තලා මෙතෙන්ට ආවෙ මොකද, අද මෙතෙන්ට අපේ අනුර දිසානායක සහෝදරයාට එන්න වෙන්නෙ නැති නිසා. කලබල වෙන්න දෙයක් නෙවෙයි. මොකද පහුගිය ටිකේම අනුර සහෝදරයා ගොඩාක් මහන්සි වුණා, නිදිමැරුවා, ඒ නිසා අසනීප වුණා මේ වෛරස් උණ හැදිලා. එහෙම තියෙද්දීත් වැඩ කළා. අද පොඩ්ඩක් වැඩිවෙලා තියෙන්නෙ අසනීප තත්වය. ඒ නිසා දොස්තර මහත්තුරු අපට තදින්ම ඉල්ලීමක් කළා එක දවසක් අනුර සහෝදරයාට විවේකයක් දෙන්න කියලා. එතකොට හෙට ඉඳන් වැඩකරන්න පුළුවන්. අනුර සහෝදරයා හෙට සිට ආයෙ මේ වැඩේට බහින්න ඕනෙකම තියෙනවා, අද පොඩි විවේකයක් දීලා”
MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos