Menu
Contact us
×
Thursday, September 19th, 2024
සටන ඇත්තේ අනුර සහ සජිත් අතර - කරු
සමගි ජන සන්ධානයේ ඇහැලියගොඩ පවත්වනු ලැබූ සජිත් ප්‍රේමදාස  ජයග්‍රහණය කරවීමේ, ජන රැළිය අමතමින් කරුණාරත්න පරණවිතාන මෙසේ පැවසීය:


“අද රටට අවශ්‍ය වෙලා තිබෙන්නේ මේ රටේ මිනිස්සු වැදගත් යැයි කියලා හිතන, මිනිස්සුන්ට වැදගත්කමක් දෙන්න පුළුවන්, මිනිස්සුන්ට නිදහසේ හුස්මක් ගන්ට ඉඩකඩක් හදලා දෙන්න පුළුවන් මානවවාදී නායකයෙක්. අද මේ ජනාධිපතිවරණය තියෙන්නේ දිනන සජිත් සහ රට අඳුරට ගෙන යන්න හදන අනුර දිසානායක අතර සටනක් පමණයි. තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ සටනේ තරඟකරුවෙක් නෙවෙයි. ඔහු කොච්චර බංකොලොත් වෙලාද කියලා කියනවා නං මේ වන විට එතුමා අනුර දිසානායකගේ මාධ්‍ය ප්‍රකාශක බවට පත්වෙලා ඉවරයි. මගේ මිත්‍ර දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමාත්, මමත් තමයි හොඳටම දන්නේ ඔය දැන් ඉන්න JVP කණ්ඩායමේ මූලික කට්ටිය ගැන. අනුර, විජිත, බිමල්, හඳුන්නෙත්ති ඔය කණ්ඩායම අපේ කාලේ එකට විශ්වවිද්‍යාලයේ හිටපු කට්ටිය. ඒගොල්ලෝ හිතන පතන විදිහ අපි හොඳට දන්නවා. මෙතන තියෙන්නේ නිකන්ම නිකන් විරෝධතාකල්පයක් විතරයි. ප්‍රායෝගික කිසිම දෙයක් නැහැ මේ රට ගොඩනගන්න. හැබැයි ලොකු සමාජ වෛරයක් ඒගොල්ලෝ ව්‍යාප්ත කරගෙන යනවා. 

ගාමිණී දිසානායක මැතිතුමා මහවැලි ව්‍යාපාරයෙන් හදපු ගොවිජනපදයක ඉපදිලා හැදිලා වැඩිලා, ජේ.ආර්. ජයවර්ධන මහත්තයා දීපු නොමිලේ පොත් ටිකෙන් පාඩම් කරලා ඉස්කෝලේ ගිහිල්ලා, ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා දීපු මහපොළ ශිෂ්‍යත්වය අරගෙන විශ්වවිද්‍යාලයේ වියපැහැදම් ටික ගෙවලා, උපාධි ලබාගෙන ඉගෙනගෙන දේශපාලනයට ආපු උන්දැලා දැන් කියනවා මේ රටේ නායකයෝ මහා සාපයක්ලු මේ රටට. 77 වසරක සාපයක්ලු මේ රටේ තියෙන්නේ. තමන් ඉපදුන, ඉගෙනගත්ත, හැදිච්ච, වැදිච්ච රට තුට්ටු දෙකට දාලා රටක් ගෙනියන්න පුලුවන්ද? එහෙම නායකයින්ගෙන් රටට වගතුවක් වෙයිද? එහෙම වෙන්නේ නැහැ. ඒ අය සාපයක් වෙනවා. මේ 77 වසර සාපයක් නම් අනුර දිසානායකත් සාපයක් තමයි. එහෙම ශාප කරන දේශපාලනය වෙනුවට රටට ආශිර්වාද කරන, වස් කවි කියන දේශපාලනය වෙනුවට, සෙත් කවි කියන දේශපාලනයක් අද අපට අවශ්‍යයි. සජිත් ප්‍රේමදාස මැතිතුමා වෙනස් වන්නේ එතනින්. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රතිපත්ති ඉතා පැහැදිලිවම මැද පිළිවෙත ගමන් කරනවා.

JVP එක අද මොකද වෙලා තියෙන්නේ? ඒගොල්ලෝ මෙච්චර කාලයක් ගියපු සමාජවාදය පේන්න නෑ. අර පිටු 233 ක පොතේ සමාජවාදයක් හොයාගන්න යන එක හංගලා තියෙන්නේ. තමන්ට කියන්න ඕන දේ කියාගන්න බැහැ දැන් ඒගොල්ලන්ට. ඒ වගේම පළාත් සභාවලට මොකද කරන්නේ කියන එක සම්බන්ධයෙන් නිහඬයි. වෙළඳපොළ ක්‍රමයත් එක්ක යනවද, නැද්ද කියන එක ඇහුවහම මොකක්වත් නෑ. මෙහෙම විරෝධතාකල්ප වලට දේශපාලනය භාර දීලා ගියොත් එහෙම මේ රටත් අර වෙනිසියුලාවක් වගේ විනාශයෙන් විනාශයට යනවා.”

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos