Menu
Contact us
×
Thursday, September 19th, 2024
නැවත පාර්ලිමේන්තුව කැඳවන්නේ මහා මැතිවරණයෙන් පසුවයි!

මීළඟ පාර්ලිමේන්තු සැසිවාරය ඔක්තෝබර් 8 වැනිදා පැවැත්වීමට නියමිත බව පවසමින් ජාතික ජන බලවේගයේ  නායක අනුර කුමාර දිසානායක ඊයේ(6) ප්‍රකාශ කළේ

තමන් ජයග්‍රහණය කළහොත් ඔක්තෝබර් 8 වැනිදා පාර්ලිමේන්තුව නොකැඳවන බවත් මහ මැතිවරණයකින් පසුව පමණක් පාර්ලිමේන්තුව යළි  කැඳවන බවත්ය.

 

මරදන්කඩවල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වෙන තෙක් මාස එකහමාරක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රට පාලනය කරන බවයි.

 

"පාර්ලිමේන්තුව කැදෙව්වේ සැප්තැම්බර් 3. ඒක තමයි මන්ත්‍රීවරුන් 150කට වැඩි පිරිසකට පාර්ලිමේන්තුවේ අවසන් සැසිවාරය. මම දිනුවොත් නියමිත පරිදි ඔක්තෝබර් 8 වැනිදා පාර්ලිමේන්තුව කැඳවන්නේ නැහැ. පාර්ලිමේන්තුව කැඳවන්නේ මහ මැතිවරණයකින් පසුවයි. දැනට පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන් 150කට වැඩි පිරිසක් මෙවර නැවත තේරී පත්වන්නේ නැහැ”.

 

NPP ජයග්‍රහණය ගැන විපක්ෂයේ  කඳවුර දැඩි කෝපයෙන් පසුවන බව පැවසූ අනුර කුමාර දිසානායක, ඔවුන් දැන් තම පරාජයෙන් ගැලවී යන්නේ කෙසේදැයි සැලසුම් කරමින් සිටින බවද කීවේය.

 

"සමගි ජන බලවේගයේ  තලතා අතුකෝරළ මන්ත්‍රීවරිය පසුගියදා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වූයේ රනිල් වික්‍රමසිංහ සහ සජබ  නායක සජිත් ප්‍රේමදාස එක් නොවීම නිසා NPP ජයග්‍රහණය කිරීමට තමන් මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බවට ප්‍රකාශයක් කරමින්. රනිල්ට බල කරමින් ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයාත්  කියනව. ඒවගේම  රනිල්ට දෙන ඡුන්දය අනුරට දෙන ඡන්දයක් කියලා සජිත් කියනවා..,

 

ඔවුන්ට කියන්නට අවශ්‍යයි  අපට අන් අය හරහා කිසිදු ඡන්දයක් අවශ්‍ය නොවන බව, අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සෘජුවම මාලිමාව වෙත ඡන්දය දෙන්න කියලයි”.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos