Menu
Contact us
×
Saturday, November 23rd, 2024
අනුරගේ ආරක්ෂාව පිළිබඳව විශේෂ සැලකිලිමත් වීමක්

ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති ධූර අපේක්ෂක අනුර දිසානායක ජනාධිපතිවරණ රැස්වීම් සඳහා ප්‍රාඩෝ වර්ගයේ රථයකින් ගමන් කිරීම සම්බන්ධයෙන් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය ප්‍රකාශයක් සිදු කොට තිබේ.

මාධ්‍යවේදීන් ඒ පිළිබඳව කළ විමසීමකදී ඇය කියා සිටියේ අනුර දිසානායකගේ ආරක්ෂාව ගැන සලකා බලා ඇතැම් තීරණ කිහිපයක් ගැනීමට පක්ෂයට සිදුව සිදුව ඇති බවයි.

මෙරට මීලඟ ජනාධිපතිවරයා බවට පත්වීමට නියමිත අනුර දිසානායක මහතාගේ ආරක්ෂාව තහවුරු කිරීම තම පක්ෂයට වැදගත් බවද ඇය කියා සිටියාය.

කෙසේ වෙතත් ජාතික ජන බලවේගය මහජන මුදල් අවභාවිතා නොකරන බවත් ඒ සඳහා යන වියදම පක්ෂය විසින් දරන බවත් ඇය තවදුරටත් පැවසුවාය.



MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos