Menu
Contact us
×
Monday, April 21st, 2025
අජිත් දොවාල්ගේ පැමිණීමෙන් පසුව TNA දෙකඩ වේ

ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට සහාය දක්වන්නේ යයි ඉලංගයේ තමිල් අරසු කච්චි විසින් තීරණය කිරීමත් සමග එම පක්ෂයේ බරපතළ බෙදීමක් ඇති වී තිබේ.


එහි ප්‍රධානියෙකු වන වන මාවෙයි සේනාධිරාජා සඳහන් කරන්නේ අදාළ තීරණය තම පක්ෂයේ නායකයින් වැඩි දෙනෙකු නොදන්නා බවයි.

වවුනියාවේ හෝටලයකදී පක්ෂයේ කිහිපදෙනෙකු පමණක් රැස්වී මෙම තීරණයක ගෙන ඇති බවත් එය තම පක්ෂයේ නිල මතය නොවන බවත් සේනාධිරාජා පවසයි.

අදාල තීරණය ගෙන ඇත්තේ දෙතුන් දෙනෙකු විසින් පමණක් බවත් පවසන ඔහුත් මේ වන විට පක්ෂයේ නායකයා වන එස් ශ්‍රී දරන මහතා විදෙස් ගතව සිටින බවත් පැවසුවේය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී චාල්ස් නිර්මාණනාදන් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් වන යෝගේෂ්වරන්, ශ්‍රීනේෂන් ඇතුළු ප්‍රධානීන් කිහිපදෙනෙකු මෙම හමුවට සහභාගි වී නැති බවත් සේනාධිරාජා කියා සිටී.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos