Menu
Contact us
×
Thursday, September 19th, 2024
රටේ පුද්ගලික විශ්ව විද්‍යාල ඇති උනේ නවක වදය නිසා - චම්පික

රටේ අහිංසක ජනතාවගේ දරුවන්ට නොමිලේ උසස් අධ්‍යාපනය ලැබිය හැකි රජයේ විශ්ව විද්‍යාල වලට නවකවදය කියා ලිංගික හිංසනය ගෙනවිත් දෙමව්පියන් සහ දරුවන් රජයේ විශ්ව විද්‍යාල වලට පැමිණීමට බයක් ඇති කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක චෝදනා කරයි.

ඒ අනුව පවුද්ගලික විශ්ව විද්‍යාල ආරම්භය සීග්‍රයෙන් සිදුවූ බවත් එයට වගකිව යුතු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ බොහෝ දෙනෙකුගේ දරුවන් උසස් අධ්‍යාපනය සඳහා යොමු වී ඇත්තේ පවුද්ගලික විශ්ව විද්‍යාල වලට බවටත් ඔවුන් රටේ අහිංසක ජනතාවගේ දරුවන්ට ඉතිරි කර ඇත්තේ කඳුළු ගෑස් පමණක් බවත් පවසමින් චම්පික චෝදනා කරයි.

චම්පික රණවක මේ බව පවසා සිටියේ 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් පවත්වනු ලැබූ මහනුවර දිස්ත්‍රික් ජන හමුව අමතමිනි.

එහිදී ඔහ තවදුරටත් අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළා:

“අද ඔබ හිටගෙන ඉන්න මේ සහස් උයන හදලා මහනුවරට ආලෝකයක් අරන් දුන්නේ අපි. බෝගම්බර වැව පරිශ්‍රය පෙත්මන් හදලා දුන්නා , දළදා මාලිමාව අංග සම්පුරණ මාලිගා සංකීර්ණයක් බවට පත් කළා විදුලි පහසුකම් ජලනල පහසුකම් ඇත්ගාල ප්‍රතිසංස්කරණය කිරීම කළා. මහනුවර නගරය යටින් වසර 200 ක් පමණ පැරණි ජලය බැසයාමට තිබුණු උමං මාර්ගය යළි පිළිසකර කළා. අපි ගියාට පස්සේ අවුරුදු 5ක් ගෝඨාභයටවත් රනිල් වික්‍රමසිංහටවත් ඉතිරි කිලෝමීටර් එක හමාර ඉවර කරන්ඩ බැරි වුණා. මහනුවර නගරය විධිමත් නගරය කරන්ඩ ලෝක බැංකු ආධාරයෙන් රටේ තියෙන ඉහළම ගණයේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකරන්න අපි සැලසුම් කළා. නමුත් ඒ සැලසුම් ක්‍රියාත්මක කළේ නෑ. අපි පොරොන්දු වෙනවා 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළ හොත් එම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මේ මහනුවර ජනතාවට ලබාදෙනවා කියලා."



MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos