Menu
Contact us
×
Monday, April 21st, 2025
සමූල ඝාතනයෙන් බේරීමට නම් රනිල් නැවත ජනාධිපති කල යුතුයි
රනිල් වික්‍රමසිංහ යළිත් මෙරට ජනාධිපති ධූරට පත් නොවුනහොත් ඔවුන් සියලු දෙනා සමූල ඝාතනය වීම වැළැක්වීමට නොහැකි බව මනුෂ නානායක්කාර පවසයි.

ජනරැළියක් අමතමින් ඔහු මෙසේ පැවසීය:

"අර්බුදයෙන් එළියට යනවාද, එහෙම නැත්නම් රට යළිත් අර්බුදයකට ගෙනයනවාද කියා කල්පනා කළ යුතුයි.

අද වන විට බංග්ලාදේශයේ තත්ත්වය ඉන්දුනීසියාවට පමණක් නොව මාලදිවයිනටත් පැතිර ගිහින්.

ජවිපෙ කාර්යාල අද රට පුරාම ජන රැලිවලට රට වටෙන්ම බස්වලින් ගේනවා. දවසකට බස් වලට විතරක් ලක්ෂ ගණන් වියදම් කරනවා. ඔවුන්ට මෙතරම් සල්ලි කොහෙද? මේ සල්ලි දෙන්නේ මේ රට යළිත් අර්බුදයකට ඇද දැමීමට උත්සාහ කරන බලවේගයි. ඒ බලවේග  ශ්‍රී ලංකාව ගොඩනැගෙනවාට කැමති නැහැ.

ඒ නිසා ජවිපෙට ඕනෑතරම් සල්ලි වියදම් කරනවා. ඒ නිසා අපි රටක් විදිහට සාමූහිකව මැරී වැටිය යුතු නැහැ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ නායකත්වයට යළිත් පත් නොවුණහොත් අප සියලු දෙනා සමූල ඝාතනය වීම වළවන්න බැහැ."



MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos