දෛනික ආසාදිතයින් 649ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 161ක් දෙනෙකු අද (16) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව අද දිනය තුළ හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 649කි.
මේ වනවිට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 531,070ක් දක්වා ඉහළගොස් තිබේ.