Menu
Contact us
×
Saturday, November 23rd, 2024
අපි ආවම රටේ තෙල් උතුරනවා - අනුර
ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99 යොදාගෙන ඉන්ධන පිරිපහදුවක් ආරම්භ කර, ජාත්‍යන්තර වෙළඳපළට පිරිපහදු කල ඉන්ධන අලෙවි කිරීමට සැලසුම් කරන බව එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක පවසයි.

ජනාධිපතිවරණ ජන රැලියක් අමතමින් ඔහු පල කල අදහස:

“ත්‍රීකුණාමලයේ තිබෙනවා තෙල් ටැංකි 99ක්. එක ටැංකියක මෙට්‍රික් ටොන් 10,000ක් ගබඩා කරන්න පුළුවන්. ආසන්න වශයෙන් මෙට්‍රික් ටොන් ලක්ෂ දහයක් ගබඩා කරන්න පුළුවන්.

ඕකෙ තෙල් අපට වැඩියි. තෙල් පිරිපහදුව ආරම්භ කරලා, තෙල් පිරිපහදු කරලා, ගබඩා කරලා, ළඟම තිබෙන වරායෙන් මාර්කට් එකට යවන්න පුළුවන්.

ඒ වැඩේ කරන්න පුළුවන් ජාත්‍යන්තර සමාගමකුයි, තෙල් සංස්ථාවයි ඒකාබද්ධ වෙලා නැවත මේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයට පණ දෙනවා. දැන් ඒක මළකඩ කමින් තිබෙනවා. අපි ඒක ගොඩ ගන්නවා.”

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos