Menu
Contact us
×
Saturday, November 23rd, 2024
නවතම සමීක්ෂණයට අනුව අනුර ඉදිරියෙන්

2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (IHP) ජුලි මාසය සඳහා සිය සමීක්ෂණ වාර්තාව නිකුත් කර තිබේ.

එම වාර්තාව අනුව ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා 37% ක් සහ සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා 36%ක් වශයෙන් ලබාගෙන කරට කර සටනක් සමගින් ඉදිරියෙන් සිටිති.

ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිශතය ද 23%ක් දක්වා වැඩි වී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයාගේ ප්‍රතිශතය 4% කි.

ජුලි මාසය සඳහා වන සමීක්ෂණයේ දෝෂ ආන්තිකය 1 – 3% වශයෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය සඳහන් කර ඇත.

කෙසේ වෙතත් IHP ආයතනයට පසුගිය දා චෝදනා එල්ල වී තිබුනේ එය ස්වාධීන නොවන බවත්, මාලිමා විරෝධී ආස්ථානයක සිට ව්‍යාජ වාර්තා ඉදිරිපත් කරන බවත්ය.







MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos