Menu
Contact us
×
Thursday, September 19th, 2024
IMF ඕන නම් මාලිමාවට ඡන්දය දෙන්න එපා - හර්ෂ ද සිල්වා

ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැක්වෙන ආකාරයට කටයුතු කිරීම කල නොහැකි බවත, එසේ කළහොත් දැනට ක්‍රියාත්මක ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන් ඇනහිටින බවත්, හර්ෂ ද සිල්වා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ජාතික ජන බලවේගයට ඡන්දය දීම යනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති ගිවිසුම අවසන් කිරීම සඳහා ඡන්දය දීමක් බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නැවත සාකච්ඡා කරන බවට ජාතික ජන බලවේගයේ ප්‍රකාශයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වන අතර ඒ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ හර්ෂ ද සිල්වා සිය X ගිණුමේ සටහනක් තබමින් මෙසේ විමසයි.

“ජාතික ජන බලවේගය මඟින්ම පිළියෙල කරන විකල්ප ණය තිරසරකරණ විශ්ලේෂණයක් මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම ගැන යළි සාකච්ඡා කරන්නේ නම් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර දැනට ක්‍රියාත්මක විස්තීර්ණ ණය පහසුකම ඉදිරියට ගෙනියන්නේ කෙසේද?"

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos