Menu
Contact us
×
Thursday, September 19th, 2024
ජාත්‍යන්තර ආධාර සමුළුවකින් මුදල් එකතු කරගන්නවා - සජිත්

ජාත්‍යන්තර ආධාර සමුළුවක් පවත්වා ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර සංවර්ධනය කරන බව සමගි ජන බලවේග නායක ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.

මඩකලපුව ත‍්‍රිකුණාමල ප්‍රදේශවලදී පවත්වන ලද ජනාධිපතිවරණ ජනරැළි මාලාවක් අමතමින් ඔහු විසින් මෙසේ පැවසුවේය.

"දුප්පත්කම තුරන් කිරිමේ අලුත් වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරනවා. සමෘද්ධිය, අස්වැසුම, ගැමිදිරිය ආදි වශයෙන් ක්‍රියාත්මක වූ වැඩසටහන්වල තිබු හොඳ දේ පමණක් අරගෙන දුප්පත්කම තුරන් කිරීමේ අලුත් වැඩසටහන අපි සුදානම් කරලා තිබෙනවා. මෙරටේ දුප්පතුන් හැමදාම සහනාධාරලාභීන් විදියට ජීවත් වෙන්න කැමැති නෑ. ඔවුන්ගේ ඒ සිතුම් පැතුම් අවබෝධ කර ගෙන වසර දෙකක් ඇතුළත මෙරටේ දුප්පත්කම තුරන් කරන අලුත් වැඩසටහන අපි ක්‍රියාත්මක කරනවා. ඒ යටතේ අපි එක් පවුලකට රුපියල් විසිදහසක් බැගින් ලබා දෙන්න සැලසුම් කර තිබෙනවා."

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos