Menu
Contact us
×
Thursday, September 19th, 2024
රනිල්ට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ඉවතට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමට නුසුදුස්සෙකු යැයි ප්‍රකාශ කරන්නයි ඉල්ලමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කර තිබේ.

වැඩබන පොලිස්පති වරයෙක් පත්නොකිරීම හා ශ්‍රේෂ්ඨාධිකරණයටත් අභියාචනාධිකරණයටත් විනිසුරුවන් පත් නොකිරීම පදනම් කරගෙන මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබිණ.

එහිදී නීතිපතිවරයා අධිකරණයට කියා සිටියේ පෙත්සම්කරු විසින් අධිකරණයට සාවද්‍ය ලෙස කරුණු ඉදිරිපත් කර ඇති බවත්, ඒ හරහා ව්‍යවස්ථාවේ අනූ දෙවැනි වගන්තිය උල්ලංඝනය කර ඇති බවත්ය.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos