Menu
Contact us
×
Thursday, September 19th, 2024
සජිත්ට සහය දී ඉල්ලා අස්වන ලෙස සජබ රනිල්ගෙන් ඉල්ලයි

සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන බැවින් ඔහුගේ ජය තහවුරු කරමින්, ඔහුට බාධා නොකර රනිල් වික්‍රමසිංහ මහතා ගෞරවාන්විතව දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම සුදුසු බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසයි.

ඔහුගේ ප්‍රකාශය:

"සියලුම දත්ත අරන් බැලුවහම සජිත් ප්‍රේමදාස මහත්තයා මේ වෙද්දී ඒ කියන්නේ පහුගිය සති කිහිපය තුළ 46%ඉදන් 48% දක්වා වර්ධනයක් පෙන්නුම් කරනවා. ඉතා වගකීමෙන් කියන්නේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාත්, ජනතා විමුක්ති පෙරමුණත් මේ දෙගොල්ලොම කරන්නේ එකම දේ. ඒ දෙගොල්ලන්ටම වුවමනාව තියෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට බාධා කරන්න. ඇත්තමට මේක පැරදෙනවා කියල දැන දැනනේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජන්දේ ඉල්ලන්නේ. පැරදෙනවා කියලත් දැන දැනම ජන්දේ ඉල්ලන්නේ මොකටද වුවමනාව තියෙනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ කකුලෙන් අදින්න. වෙන මොනවත් නෙවෙයි නැත්නම් එතුමාට ඉල්ලන්න කිසිම හේතුවක් නැහැ. එතුමාට ගෞරවනීය ලෙස විශ්‍රාම යන්නයි දැන් තියෙන්නේ. එදා මහින්ද රාජපක්ෂ මහත්තයා තුන්වෙනි වතාවට ජන්දේ ඉල්ලන්නේ නැතුව විශ්‍රාම ගියා නම් මම හිතන්නේ එතුමාට ලොකු ගෞරවයක් ඇති වෙනවා. මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට යම් ගෞරවයක් රැකගන්න නම් විශ්‍රාම යන්න ඕනේ. එහෙම නැත්නම් මේ ජයග්‍රහණය කරන අපේක්ෂකයාට බාධා කරන එක ලොකු අපරාධයක්.”

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos