Menu
Contact us
×
Monday, April 21st, 2025
වැල් පාලම දෙපැත්තෙන්ම කපන්නයි හදන්නේ - රනිල්
මාවනැල්ලේ පැවති ජනාධිපතිවරණ ජන රැලියක් අමතමින්, ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ එම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව වත්මන් රාජ්‍ය ආදායමෙන් රුපියල් බිලියන දෙසීයක් අවම තරමේ අහිමි වීමට නියමිත බවයි.

එසේ අහිමිවන ආදායම උපයා ගන්නා අකාරය පිළිබඳව එහි සඳහනක් නැති බව ද ඔහු පවසා සිටියේය.

රනිල් වික්‍රමසිංහ මෙසේ පැවසීය:

“මම බැලුවා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රකාශය. අඩුම බිලියන 200ක් වත් අඩු වෙනවා. ආදායම අඩු කරලා කොහොම ද වියදම වැඩි කරන්නේ. ඒ ගණිතය දන්නේ නැතිනම්, ඒ ආර්ථිකය දන්නේ නැතිනම් මේ අය බලන්නේ වැල් පාලම එක පැත්තකින් කපන්න නෙමෙයි දෙපැත්තෙන්ම කපන්න. අපි මේ වැල් පාලම අතහරින්නේ නැතුවයි මේක කරන්නේ”





MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos