Menu
Contact us
×
Thursday, September 19th, 2024
අනුර ජනපති වූ වහාම රනිල්ගේ වත්කම් බැරකම් සෙවිය යුතුයි

අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වූ පසුව මුලින්ම කළයුතු වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළ වත්කම් බැරකම් ප්‍රකාශය පිළිබඳ විමර්ශනය කිරීම බව ජාතික ජන බලවේගයේ සුනිල් හඳුන්නෙත්ති පවසයි.

ඔහුගේ ප්‍රකාශය:

“දැන් අනුර දිසානායක සහෝදරයාගෙ වත්කම් බැරකම් ඔහු කියලා තියෙන ප්‍රමාණයට වඩා රනිල් වික්‍රමසිංහගේ අඩුයි කියනවා නම් ඒකම පිළිගන්නවාද මේ රටේ මිනිස්සු ? ඒකම බොරුවක්නෙ. එතනත් වංචාවක්නෙ කරලා තියෙන්නෙ. මොකද මේ රටේ ජනතාව දන්නවා හොඳටම රනිල් වික්‍රමසිංහලා හම්බකරගත්ත ඒවා කොහොමද තියෙන්නෙ කියලා. මහබැංකුවෙන් ගහපුවා තියෙනවා, ඒවා හැබැයි ඔය එකවුන්ට්වල නෙවෙයි තියෙන්නෙ. ඒවා තියෙන්නෙ වෙන එකවුන්ට්වල. ඒකත් හංගලා තමයි ගහලා තියෙන්නෙ. රනිල් වික්‍රමසිංහගේ වත්කම් බැරකම් ප්‍රකාශය හරිද කියලා හොයන එක මං හිතන්නෙ අනුර දිසානායක සහෝදරයා ජනාධිපති වෙලා මුලින්ම කරන්න ඕනෙ වැඩක්”

සුනිල් හඳුන්නෙත්ති මේ බව ප්‍රකාශ කරන ලද්දේ ඊයේ (24) පැවති ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos